පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ එළවළු මිල මේ වනවිට සාමාන්‍ය තත්ත්වයකට පත්වෙමින් ඇත.
වෙළෙඳ පොළට එළවළු තොග ලැබීම අඩුවීම නිසා බොහෝ එළවළු මිල විශාල ලෙස ඉහළ ගිය බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි
නමුත් මේ වනවිට එළවළු තොග ලැබීම ඉහළ යමින් තිබෙන අතර මේ අනුව ඉදිරි දෙසතිය තුළදී එළවළු මිල සාමාන්‍ය අගයක් ගනු ඇති බව වාර්තා වෙයි.
පසුගිය කාලයේ ඇදහැලුණු තදවැසි හේතුවෙන් එළවළු තොග ලැබීම විශාල ලෙස පහළ ගිය හෙයින් එළවළු මිල ඉහළ අගයක් ගනු ලැබීය.







