FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ වායු දූෂණය ඉහළම නගරය නවදිල්ලිය…

 

ලෝකයේ වායු දූෂණය ඉහළම නගරය ඉන්දියාවේ නවදිල්ලිය බව ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේය.

වායු දූෂණය ඇති කරන්නන්ට එරෙහිව විශාල දඩුවම් සහ දඩ මුදල් නියම කළත් එම තත්ත්වය නොවෙනස්ව පවතින බව ජාතික හරිත විනිශ්චය සභාව ප්‍රකාශ කරයි.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය දවාලන ආයතනවලට එරෙහිව ඉන්දීය රුපියල් කෝටි 25 දක්වා දඩ නියම කිරීමට දිල්ලි රජය පියවර ගනු ලැබීය.

සුළං වේගය අඩු වීම ඇතුළු කාලගුණ තත්ත්වයන් ද ඊට බලපා ඇති බව එරට මාධ්‍ය සදහන් කරයි.

මේ හේතුවෙන් ලෝකයේ වායු දූෂණය ඉහළම නගරය නවදිල්ලිය බවට පත්ව ඇත.

ලෝක ජනගහනයෙන් 18 % ක් නියෝජනය කරන ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් සිදුවන අකල් මරණ වලින් 26% ක් වාර්තා වන බවත් හින්දු පුවත්පත අවධාරණය කරයි.

2017 වසරේ ඉන්දියාවේ සිදුවූ සෑම මරණ 08 කින් එකකටම හේතු වී ඇත්තේ වායු දූෂණයයි.