FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස් – මාලිංග ඉන්දීය කෝටි 02 කට විකිණෙයි…

 

2019 වසරේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වීමට ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග තීරණය කර තිබේ.

අදාළ වෙන්දේසිය සඳහා මොවුන් ඉන්දීය රුපියල් කෝටි 02 ක මූලික මුදලක් නියම කර ඇත.

එම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 28 දෙනෙක් ඉදිරිපත්ව ඇති බවත් වාර්තා වෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට එරට ක්‍රිඩකයන්ද ඇතුළත්ව සමස්තයක් ලෙස නියමිත වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 1000 කට අධික වේ.