ඉන්දියාව විසින් අන්තර්ජාල සේවා පවත්වාගෙන යාම සඳහා වන නවීන තාක්ෂණික චන්ද්‍රිකාවක් ප්‍රංශ රොකට්ටුවක් ආධාරයෙන් අද උදෑසන කක්ෂගත කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
මෙම චන්ද්‍රිකාව මෙතෙක් ඉන්දියාව කක්ෂගත කළ විශාලතම චන්ද්‍රිකාව වන අතර එය කිලෝග්‍රෑම් 5854 ක බරකින් යුක්ත වේ.
මේ මාසය අවසන් වන විට එහි මෙහෙයුම් ආරම්භ කළ හැකි බව ඉන්දීය ගගන විද්‍යාඥයන් අදහස් පළ කරයි.









