ලෝක ප්‍රකට ප්‍රධාන පෙළේ දුරකථන සමාගමක් වන චීනයේ ක්‍රියාත්මක හුවාවි ආයතනය නිර්මාතෘගේ දියණිය කැනඩාවේදී අත්අඩංගුවට පත්ව ඇත.
ඒ ඇමෙරිකානු නීතිඥයින්ගේ ඉල්ලීමකට අනුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉරානයට එරෙහිව ඇමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් හුවාවි ආයතනයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
මීන්ග් වංෂු නැමැති ඇය හුවාවි ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර එහි උප සභාපතිවරිය ලෙස ද කටයුතු කරයි.







