FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග පුහුණූ තරගයට නවසීලන්ත සංචිතය නම් කෙරේ..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන සෙනසුරාදා (08) ආරම්භ විමට නියමීත පුහුණු තුන්දින තරගය සඳහා වන නවසීලන්ත XI කණ්ඩායම් සංචිතය නම් කර තිබේ.

වෙලින්ග් ප්‍රාන්තය නියෝජනය කරන දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක පීටර් යන්හවුස්බෑන්ඩ්ගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතයට ක්‍රීඩකයින් 12 දෙනෙක් නම් කර තිබේ.

මෙම තරගය නේපියර් හි මැක්ලියන් පාක් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතය.

සංචිතය :

පීටර් යන්හවුස්බෑන්ඩ් (captain, Wellington), මැක්ස් චූ (Otago), කැට්රී ක්ලාක් (ND), බ්ලේක් කොබර්න් (Canterbury), ලියම් ඩුඩින් (CD), ලූක් ජෝර්ජේශන් (Wellington), බ්රෙට් හැම්ප්ට් (ND), විල් ඕ’ඩොනල් (Auckland), සන්දීප් පටෙල් (ND), ඩේල් පිලිප්ස් (Auckland), භාරත් පොප්ලි (ND), මයිකල් ස්නෙඩන් (Auckland).

දෙරට අතර පළමු ටෙස්ට් තරගය 15 වැනිදා ආරම්භ විමට නියමීතය.