FAST NEWS

24×7 Around the Globe

මාලිංගට හා මැතිව්ස්ට නැවතත් IPL වරම් – ඉහළම ලංසු සිමාවේ කාණ්ඩයට යයි..

 

2019 ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දෙසිය ලබන 18 වැනිදා ජායිපුර් හිදි පැවැත්විමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ.

එ අනුව එම තරගාවලිය සඳහා වෙන්දෙසි කිරිමට නියමීත විදේශිය ක්‍රීඩකයින් 09 දෙනෙකු සඳහා අවම ලංසු සීමාවක් (ඉහළම ලංසු සහිත කාණ්ඩයේ අවමය)  නිකුත් කිරිමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ.

එ අනුව ඉන්දීය රුපියල් කොටි දෙකකට වඩා නියම කර ඇති එම ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස්ගේ නම්ද ඇතුලත්ව තිබිම විශේෂත්වයකි.

ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩකයෙක් ලෙස ආරම්භයේ සිටම මුබ්බායි ඉන්දීයන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර 2018 තරගවාරයේදි ඔහු එම කණ්ඩායමේ පන්දු යැවිමේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කළේය.

කෙසේ වෙතත් මේ අනුව ලසිත් මාලිංග හට නැවත වතාවක් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩකයෙක් ලෙස එක්විමට වරම් හිමීව තිබේ.

2019 අයි.පී.එල් තරගාවලිය මාර්තු මස සිට මැයි මස දක්වා පැවැත්විමට නියමීත අතර එම කාල වකවානුව තුල ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් තරගාවලිය පැවැත්වෙන ස්ථානයන් තවම තීරණය වී නොමැත.