FAST NEWS

24×7 Around the Globe

සෞදි මාධ්‍යවේදි ඛෂෝගිගේ ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධ බවට තහවුරු වෙයි..

 

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනයට සම්බන්ධ බව තහවුරු වූ බව අමෙරිකානු සෙනෙට් සභිකයන් ප්‍රකාශ කරයි.

සී.අයි.ඒ. ප්‍රධානී ජීනා හැස්පෙල්ගේ කරුණු දැක්වීමට සවන් දීමෙන් පසු මෙම තහවුරු වීම සිදුකළ බවත් ඔවුන් සදහන් කරයි.

එමෙන්ම , සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු උමතු සහ දරුණු පුද්ගලයෙකු බවත් සෙනෙට් සභිකයෙක් පවසා ඇත.

ජමාල් ඛෂෝගිගේ ඝාතනය වැනි දරුණු ක්‍රියා පිළිනොගන්නා බවට අමෙරිකාව සෞදි අරාබියට පැහැදිලි පණිවුඩයක් යැවිය යුතු බව ද අමෙරිකානු සෙනෙට් සභිකයෝ වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.