බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ විසින් යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා කළ යෝජනාවට එරට පාර්ලිමේන්තුව විරෝධය පළ කර ඇත.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති දින 05 ක විවාදයකින් පසු අවස්ථා 03 කදී පැවති ඡන්ද විමසීම් වලදී මෙම යෝජනාව පරාජයට පත්වී ඇති බවත් දෙසැම්බර් 11 වනදා අවසන් වරට එම යෝජනාව සලකා බලන බවත් විදෙස් වාර්තා සදහන් කරයි.









