FAST NEWS

24×7 Around the Globe

ගෞතම් ගාම්භීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි..

 

ඉන්දීය පිතිකරු ගෞතම් ගාම්භීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මෙන්ම අයි.පී.එල් තරගාවලියෙන්ද සමුගැනීමට තීරණය කළ බව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන්කර ඇත.

2007 වසරේදී ජොහැන්ස්බර්ග් හීදි පැවැති පකිස්ථානයට එරෙහි 20 -20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගයේදී ද ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා ගෞතම් ගාම්භීර් රැස් කල ලකුණු සංඛ්‍යාව 75 ක්.

එමෙන්ම 2011 වසරේදී ශ්‍රී ලංකාව සමග පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ලකුණු 97 ක් රැස් කරමින් ඔහු ඉන්දීය කණ්ඩායමට ජය මාවත විවෘත කළේය.

එක්දින තරග 147 කදී ලකුණු 5238 ක් රැස්කරගෙන ඇති මොහු ටෙස්ට් තරග 58 කදී ලකුණු 4154 ක් ලබා ගෙන සිටින අතර , විස්සයි විස්ස තරග 37 කදී ලකුණු 932 ක් රැස්කර ගැනීමට සමත්ව ඇත.