තමාගේ අබාධ තත්වය සුව අතට හැරි ඇති බවත් පසුගිය වැරදි සකසාගෙන නවසීලන්ත සංචාරයට මුණ දීමට නියමීත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (03) රාත්‍රී නවසීලන්ත සංචාරය සඳහා පිටත්ව යෑමට ප්‍රථම මාධ්‍ය වෙත සඳහන් කළේය.
“අබාධිත තත්වය ඉතාමත් සුව අතට හැරිලා තියනවා,විශේෂයෙන්ම මම අන්තිම සති දෙක තුල ක්‍රීඩා සමාජ තරගයක් ක්‍රීඩා කලා ඉතින් සියයයි සියක් සුව අතට හැරිලා ඉන්නවා, ක්‍රීඩකයින් සියලුම දෙනාම ඔවුන්ගේ උත්සාහය යෙදුවා එංගලන්ත සංචාරයේදී නමුත් අපිට යම් යම් තැන්වල වැරදුනා,අපි කණ්ඩායමක් විදියට ඉතින් එ වැරදි හදාගෙන මේ නවසිලන්ත සංචාරයට මුණ දෙන්න තමයි අපි කණ්ඩායමක් විදියට බලාපොරොත්තු වෙන්නේ
ඇත්තමට මම ඔල් රවුන්ඩර් කෙනෙක් විදියට තමා එ කියන්නේ මට ඔනම වෙලාවක කණ්ඩායමට කඩුලු රකින්නත් පුලුවන් පුන්දු රැකිමේ කාර්යත් කරන්න පුලුවන්,ඉතින් එ දෙකටම ලැස්ති වෙලා ඉන්නවා ඉතින් අපිට එකාපාරම තිරණයක් ගන්න බැ මම කඩුලු රකිනවද පන්දු රකිනවද කියන එක අපිට අපිට එහෙට ගිහිල්ලා එහේ තණතිලි වල ස්භාවයත් බලලා අපිට කණ්ඩායමට හොදම දේ මොකද්ද කියන එක කරන්න තමා අපි කණ්ඩායම බලාපොරොත්තු වෙන්නේ,
ලොකු පාඩුවක් අකිල ධනංජය තමා අන්තිම අවුරුද්දේ අපේ විශේෂඥ දඟ පන්දු යවන්නා විදියට ක්‍රීඩා කරේ විශේෂයෙන්ම අංශ තුනෙන්ම , නමුත් ඔහුගේ එ වාර්තාව 14 වෙනිදට තමා මම දන්න විදියට එන්නේ,ඉතින් අපි ඔහුට කාලයක් දිලා තියනවා ඉතින් ඔහුට එ කාලේදි එ තියන අඩු පාඩුකම් හදා ගන්න ඔහු ලොකු පාඩුවක් ඔහු නැති එක,එ වගේම තව ක්‍රීඩකයෙක්ට ලොකු අවස්ථාවක් ඔහුගේ හිස්තැන පුරවලා කොහොමද කණ්ඩායමට අවශ්‍ය ජයග්‍රහණයට යන්න ලබා දෙන්න කියන එක.
විශේෂයෙන්ම නුවන් ප්‍රදීප් පහුගිය කාලේ ඔහුත් ටෙස්ට් තරග ක්‍රීඩා කරද්දි අබාධවලට පැමිණියා ඉතින් එකයි ඔහුව අන්තිම කාලේදි ටෙස්ට් තරගවලින් ඇත්වෙලා තිබුණේ නමුත් ඔහු දන් අවශ්‍ය පිට්නස් එක කරගෙන එකට රෙඩි වෙලා ඉන්නවා, එ වගේම තමා තිරිමාන්න ඔහු අපි හැමොම දන්නවා හොද ක්‍රීඩකයෙක්ද පිතිකරුවෙක්ද කියන එක ඔහු අන්තිම එ සංචාර සහ සංවර්ධන කණ්ඩායමත් එක්ක තරගාවලිවලදි ඉතාමත් දක්ෂ අකාරයට පිතිකරණයේ නිරත වුනා ඉතින් මම හිතන්නේ ඔවුන් දෙදෙනාගේ පැමීමත් සමග කණ්ඩායම අත්දැකිම් වලින් සම්පුර්ණ වෙනවා මම හිතනවා ඔවුන් දෙදෙනාටත් ඉතා හොද තරගාවලියක් වෙයි කියලා
මම හිතන්නේ හැම සංචාරයම අපිට චැලෙන්ජ් එකක් එක මොන රටක් වුනත් අපි දන්නවා විශේෂයෙන්ම මෙ සංචාරය තුලදි අපිට වාසිදායක තණිතිලි නෙමේ හම්බෙන්නේ එක ලොක චැලෙන්ජ් එකක් නමුත් අපි හොද කණ්ඩායමක් නම් එ චැලෙන්ජ් එකක් බාර ගන්න ඔනා ඉතින් මම හිතනවා කණ්ඩායමේ සියලුම දෙනාම එ සඳහා ලැස්ති වෙලා චැලෙන්ජ් එක බාර ගන්න මොකද අපිට මෙ සංචාර තුලදි වෙනසක් කරන්න පුලුවන්නම් මම හිතනිනේ එක හැරවුම් ලක්ෂයක් අපි ඉස්සරහට කණ්ඩායම රැගෙන යද්දි”









