FAST NEWS

24×7 Around the Globe

යාපනයේ රතුලූනූ අස්වැන්න සාර්ථක වෙයි – මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

 

උතුරු පළාතට පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් රතුලූනූ අස්වැන්න ඉතා සාර්ථක වී ඇත.

මේ හේතුවෙන් වෙළඳපොළට යාපනයෙන් රතුලූනූ තොග පිටින් ලැබීම නිසා එහි මිල ගණන් සීඝ්‍රයෙන් අඩු වී ඇති බවට උතුරේ වෙළෙන්දෝ මැසිවිලි නගයි.

රතුලූනූ මිල ගණන් අඩුවීම හේතුවෙන් ගොවියන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති අතර රතුලූනූ නියමිත මිලකට විකුණා ගැනීමටද නොහැකි වාතාවරණයක් උදා වී ඇති බව ඔවුන් පවසයි.

වර්ෂාව නොමැති කාලයේ රතුලූනූ කිලෝවක් රුපියල් 300 – 400 ත් අතර මිලකට ඉහළ ගිය අතර මේ වන විට උතුරේ රතුලූනූ කිලෝවක තොග මිල රුපියල් 90 – 100 ත් අතර මිලකට අලෙවි වන බවත් සිල්ලර මිල රුපියල් 130 – 140 ත් මිලකට අලෙවි වන බවත් වාර්තා වෙයි.