FAST NEWS

24×7 Around the Globe

චමීරට හා අකිලට අයි.පී.එල් අහිමී වෙයි !

 

2019 මාර්තු 29 සිට මැයි 19 වැනිදා දක්වා පැවැත්විමට නියමීත ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි – 20 (12) තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දෙසිය දෙසැම්බර් මස 18 වැනිදා පැවැත්විමට නියමීතව තිබේ.

මේ අනුව තරගාවලියට තරග වදින කණ්ඩායම් පෙර වර්ෂයේදි කණ්ඩායම් සංචිතයට නම් කර තිබු ක්‍රීඩකයින්ගෙන් කොටසක් කණ්ඩායමේ රඳවාගෙන ඇති අතර කොටසක් 18 වැනිදා පැවැත්වෙන විවෘත වෙන්දෙසිය සඳහා මුදා හැර ඇත.

මේ අනුව මුම්බායි ඉන්දීයන් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අකිල ධනංජය හා දුෂ්මන්ත චමීර ප්‍රසිද්ධ වෙන්දෙසිය සඳහා එම කණ්ඩායම් විසින් මුදාහැර තිබේ.

එ අනුව ඔවුන්ව යම් කණ්ඩායමක් විසින් වෙන්දෙසියෙදි මීලදි ගතහොත් පමණක් 2019 අයි.පී.එල් තරගාවලිය නියෝජනය කිරිමට අවස්ථාව සැලසෙනු ඇත.

එසේම ජාත්‍යන්තර පිටියේ දක්ෂතා දැක්වු ක්‍රිකට් තරු රැසක් කණ්ඩායම් විසින් 18 වැනිදා පැවැත්වෙන වෙන්දෙසිය සඳහා මුදා හැර තිබේ.

මේ අනුව යුවරාජ් සිං,ගෞතම් ගාම්භීර්,කාර්ලොස් බර්වෙත්,මොහොමඩ් සාමී,ඩැනියෙල් ක්‍රිස්ටියන්,ග්ලෙන් මැක්ස්වෙල් යන ක්‍රීඩකයින් ඊට අයත්ය.