FAST NEWS

24×7 Around the Globe

මගීන් 111 සිටි ගුවන් යානයකට අධිබලැති හෙනයක් පාත් වෙයි.(වීඩියෝ)

මගීන් 111 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සිටින ගුවන් යානයකට අධි බලැති විදුලි සැරයක් වැදී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් මේ විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

Delta Boeing 737 නැමැති ගුවන් යානය අමෙරිකානු ගුවන් තොටුපොළක සිට ගුවන්ගත වන්නට ඔන්න මෙන්න තිබියදී මෙම සිදුවීමට මුහුණු දී ඇති අයුරු එම වීඩියෝවෙන් පෙන්නුම් කරයි.

මෙම සිදුවීමෙන් වාසනාවකට කිසිදු මගීයෙකුට හෝ කාර්ය මණ්ඩයේ කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුවී නොමැති අතර ගුවන් යානයට අලාභහානීයක් වී නොමැති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සිදුවී ඇත්තේ අමෙරිකිවේ අට්ලාන්ටා ගුවන් තොටුපොළේදී වන අතර අදාළ සිදුවීමෙන් ස්වල්ප මොහොතෙකට පෙර අදාළ ගුවන් යානය සිය ගමනාන්තය වන ලාස් වේගාස් දක්වා ගුනක්ගත වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

[youtube url=”https://www.youtube.com/watch?v=HZVX921Z0wc” width=”560″ height=”315″]