FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික තරුණියක් ඕස්ට්‍රේලියාවේ හමුදා සේවයට එක්වෙයි..

 

වෙන්නප්පුව – තඹරවිල ප්‍රදේශයේ පදිංචි චක‍්‍රවර්තිගේ ජුඩිත් රොනාෂා ප‍්‍රනාන්දු නම් 27 හැවිරිදි තරුණි‍ය ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගෙන එරට හමුදා සේවයට එක්වූ පළමු ලාංකික තරුණිය බවට පත්වීමේ භාග්‍යය හිමිකරගෙන ඇත.                                     

ඇය දන්කොටුව බාලිකා විදුහලින් අධ්‍යාපනය ලබා ඇති රොනාෂා 2012 වර්ෂයේදි උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකට ඇතුල්වී මානව සම්පත් හා ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව උපාධියක් හදාරා තිබේ.

ඉන්පසු එරට පුරවැසිභාවය ලබා මෙම වසරේ පෙබරවාරි මාසයේදී හමුදා පුහුණුවට එක්වෙමින් ඉකුත් අගෝස්තු මාසයේ සිට ඕස්ට්‍රේලියානු හමුදා සේවයට එක්වු පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස පත්වීම් ලබා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෝෂානා,

“මම ලොකු ආශාවකින් හිටියේ අපේ රටේ හමුදා සේවයට එක්වීමට ඒත් මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඒක මට ටිකක් මග හැරුණා  ඉතා ඉහළ රැකියාවක නිරතවීමට ඔස්ට්‍රේලියාවේදි   හැකියාව තිබියදි  මෙලෙස හමුදා සේවය තොර ගත්තේ ඒ තුලින් මිනිස්සුන්ට විශාල සේවයක් කල හැකි බවට මගේ විස්වාසයක් තිබෙන නිසා බව ඇය පැවසීය. ”