FAST NEWS

24×7 Around the Globe

සජීත් ප්‍රේමදාස එජාපයේ නව තනතුරකට…

 

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ සම නායක ලෙසත් පත්කරන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග පවසයි.

පක්ෂය මැතිවරණ ජයග්‍රහණ සඳහා රැගෙන යාමට සම නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස මන්ත්‍රීවරුන් විසින් මෙසේ යෝජනාවක් සම්මත කර ගැනීමට තීරණය කර ඇති බව කියැවේ.

එසේම ඊට අමතරව පක්ෂයේ සියලු නිලතල සඳහා නව ක්‍රියාශීලි නායකයන් පත් කරන ලෙසටද යෝජනාවක් ගෙන ඒමටත් තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.