ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොයොයුරු අර්සාලන් කවාජා ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
මොහුට එරෙහිව එල්ල ඇති චෝදනාව වන්නේ ශ්‍රී ලාංකිකයෙක් වන මොහොමඩ් නිශාම්ඩීන් ත්‍රස්ත චෝදනා උගුලකට හසු කිරීමට තැත් කිරීමයි.
මෙම චෝදනාව මත නිශාම්ඩීන් එරට පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහුව චෝදනා වලින් නිදහස් කර මුදා හරිනු ලැබීය.
ඉන්පසුව ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශන වලට අදාළව අර්සාලන් කවාජා අත්අඩංගුවට ගෙන ඇත.








