සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ජනවාරි 03 වැනිදා ආරම්භ වන තරග තුනකින් යුත් එක්දින තරගාවලියට තුන් ඉරියව් ක්‍රීඩක මීචෙල් සැන්ට්නර් කැඳවන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
26 හැවිරිදි මීචෙල් පසුගිය මාර්තු මාසයේ අබාධයකට ලක් විම නිසා මාස 09 කට ආසන්න කාලයක් ජාත්‍යන්තර පිටියෙන් ඉවත්ව සිටිමට සිදුවු අතර ඔහු මෙ වන විට සුව අතට පත්ව ඇත.
මීචෙල් තමා ක්‍රීඩා කල අවසන් එක්දින ඉනිම් 05 තුල නවසීලන්තය වෙනුවෙන් ලකුණූ 217 ක් රැස් කර තිබේ.
එසේම හෙතෙම වමතින් ඔතර්ඩොක්ස් දඟ පන්දු යවන්නේකි.










