FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායක ධුරය කන්ද උඩරටට යන ලකුණු?

ලබන පලමුවැනිදා රැස්වීමට නියමිත නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස එස්.බී දිසානායක මහතා පත් කිරීමට සාකච්චා වී ඇති බව ශ‍්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතත් ජාතික ආණ්ඩුවට එක් නොවන මන්ත‍්‍රීවරුන්ට විපක්‍ෂයේ සිටිය හැකි බවට ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය නිසා 50කට වැඩි ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන් පිරිසක් විපක්‍ෂයට යනු ඇතැයිද එස්.බී. දිසායානයක මහතා විපක්‍ෂ නායකයා ලෙස නම් කරනු ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කළ විමල් වීරවංශ මහතා විපක්‌ෂනායක ධුරයට පත් කරගැනීම සඳහා ඒ මහතා නියෝජනය කරන ජාතික නිදහස්‌ පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ ක්‍රියාකරමින් සිටින බවද දැන ගන්නට ඇත. එමෙන්ම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ මන්ත්‍රීවරුන් බහුතරක්‌ මහින්ද රාජපක්‌ෂ මහතා විපක්‌ෂනායක ධුරය භාරගත යුතු බව යෝජනා කර ඇති බවද සඳහන් වේ.