FAST NEWS

24×7 Around the Globe

දුමීන්ද දිසානායක දේශපාලනයෙන් සමුගනියි !

 

ශ්‍රීලනිප ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම පාර්ලිමේන්තු කාලයෙන් පසු මැතිවරණ තරග නොකර දේශපාලනයෙන් ඉවත්වීමට සැරසෙන බව ඉරිදා ප්‍රවෘත්ති පත්‍රයක් වාර්තා කර තිබේ.

පසුගිය දිනවල දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ දුමින්ද තමන්ගේ මෙම තීරණය සිය සමීපතමයන් ගණනාවකට දැනුම් දී ඇති බවද කියැවේ.

වර්තමාන රජයේ වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ ඇමැති ධුරය දරන හෙතෙම වසර 2000 සිට 2018 දක්වා වර්ෂ 18ක් මන්ත්‍රී උප ඇමැති හා කැබිනට් ඇමැති ධුර දරා තිබේ.

ශ්‍රීල.නි.ප. හිටපු මහලේකම්වරයකු වන දුමින්ද දිසානායක මහතා දැනට පක්ෂයේ ජාතික සංවිධායක ධුරය හොබවයි.