ලබන 04 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සමුළුවට සමගාමීව පුළුල් පක්ෂ ප්රතිසංවිධාන ක්‍රියාවලියක් අලූතින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මීට සමගාමීව නව සංවිධායකවරු පත්කිරීමේ හා ශ්‍රීලනිපයට සම්බන්ධ ශාඛා සංවිධාන ශක්තිමත් කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇති බව ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මාධ්‍ය වෙත පැවසීය.
එසේම ශ්‍රීලනිපයට සම්භන්ධ වෘත්තීය සමිති හා තරුණ සංවිධානවල ඉහළ තනතුරු සංශෝධන කිරීමටද නව වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව මහලේකම්වරයා සඳහන් කළේය.
එළැඹෙන වසර තුළ පක්ෂයට අලූතින් සාමාජිකයින් ලක්ෂ හතරක් බඳවා ගැනීම සඳහාද ශ්රීලනිපය දැනට ඉලක්ක කර ඇති අතර පක්ෂයේ විනය කඩවන අයුරින් හැසිරෙන සාමාජිකයින්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය සැලසුම් කර ඇති බවද හෙතෙම පැවසීය.









