ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසානයේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 70ක් රැස් කරගෙන සිටිති.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම තවත් කඩුලු 9ක් අතැතිව ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 157 ක් ඉදිරියෙන් සිටිති.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 393ට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණඩායම සියලු දෙනා දැවි ලකුණු 306ක් රැස්කළේය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 87ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය.
විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ හය වැනි ශතකය වාර්තා කළේය.
ඔහුට අගනා සහායක් දුන් ළහිරු තිරිමාන්න සිය ටෙස්ට් දිවියේ සිවුවැනි අර්ධ ශතකය වාර්තා කළේය.








