වෙනත් පරිපාලන හා කළමණාකාරීත්වයක් යටතේ තමා නැවතත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරය දැරීමට අකමැත්තක් නොමැති බව එංගලන්තය සමග පසුගිදා පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව සිය ධුරයෙන් ඉල්ලා අස්වු කණ්ඩායම් කළමණාකරු චරිත් සේනානායක මහතා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
තමා ඉදිරි නවසීලත්න සංචාරයට පෙර සිය ධූරයෙන් ඉවත් කිරිමට කටයුතු කෙරෙමීන් පවතින පව දැන ගනු ලැබුයේ එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර මාධ්‍ය මගින් බවද හෙතෙම පවසා තිබේ.
තමා ධූරයෙන් ඉවත් කිරිමට කටයුතු කරන්නේ දැයි ක්‍රිකට් ආයතනයෙන් විමසු විට ලැබුණූ ප්‍රතිචාරය වුයේ සහාය කාර්ය මණ්ඩලය සමග ඇති සන්නිවේදන දුර්වලතා බව පැවසු බවත් ඔහු කියා තිබේ.
එසේම කණ්ඩායම් පුහුණුකරු වු චන්දික හතුරුසිංහ සමග පැවති සම්බන්ධතාවය පිළිබඳව සිතා මෙම ධූරය ලබා නොගැනිමට තිබු බවද හෙතෙම පවසා ඇත.
කාර්ය මණ්ඩලයෙන් අඩුම වැටුපක් ලැබු පුද්ගලයා තමා බවද මෙහිදි චරිත් සේනානායක වැඩි දුරටත් කියා ඇත.









