FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව සහ රුසියාව සෙබලුන් දහසකගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ යුද අභ්‍යාසයක…

ඉන්දියාව සහ රුසියාව එක්ව දෙරටේම සෙබලුන් දහසකගේ පමණ සහභාගීත්වයෙන් මෙහෙයවන ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ඉන්දියාවේදී පැවැත්වෙයි.
පසුගියදා ඉන්දියානු සහ රුසියානු ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ඉන්ඩ්‍රා 2018 හමුදා පුහුණු අභ්‍යාසයක් ඉන්දියාවේ උතුරුදිග කලාපයේ පිහිටි ජාන්සි නගරයේදී ආරම්භ කෙරුණු අතර දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරගැනීම මේ හමුදා අභ්‍යාසයේ අරමුණ වී ඇත.
අභ්‍යාස සඳහා රුසියානු සෙබලුන් 500ක් සහ ඉන්දියානු සෙබලුන් 250ක් පමණ සහභාගි කර ඇති අතර දෙරට එක්ව ඒ සඳහා වන මූල්‍ය දායකත්වය සපයා තිබේ.
එක්සත් ජාතීන්ගේ ධජය යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ අභ්‍යාසයේදී කණ්ඩායම් ගොඩනැගීම්, ගෙයින් ගෙට වැටලීමේ මෙහෙයුම්, සාම සාධක මෙහෙයුම් සහ විශේෂ උපක්‍රමික මෙහෙයුම් යන අංශ සම්බන්ධයෙන් සහ නවීන අවි ආයුධ හදුනාගැනීම සහ භාවිතය ඉගැන්වීම ද මෙහිදී සිදුකරනු ලබයි.