FAST NEWS

24×7 Around the Globe

හතුරුගේ රහස් ගෙමක් ලීක් වෙයි – පොතාස්ගේ ධූරයටත් තට්ටු වෙයි !!!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ නම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නව පුහුණුකරුවෙක් තෝරා පත් කර ගැනිම සඳහා වු කෙටි ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට දැනගැනිමට ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.
ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ස්ටුවර්ට් ලොව් පසුගිය ඉන්දීය සංචාරයෙන් අනතුරුව කොදෙව් පුහුණූකාර ධූරයෙන් ඉවත් විමට පියවර ගැනිමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණූකරුවෙක් වු නික් පොතාස් (දකුණූ අප්‍රිකානු ජාතික) එම ධුරයට පත් කර ඇත්තේ තාවකාලිකව වන බවත් පැවසේ.
මේ අනුව කොදෙව් කණ්ඩායමේ නිත්‍ය පුහුණූකාර ධූරය සඳහා අයැදුම්පත්‍ර කැඳවා ඉන් කෙටි ලැයිස්තුවක් සකස් කර ගැනිමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව පැවසේ.
ඒ අනුව හිටපු කොදෙව් ක්‍රීඩක කර්ට්නි වොල්ෂ්,හිටපු එංගලන්ත ක්‍රීඩකයෙක් වු ක්‍රිස්ටොපර් ඇඩම්ස් මෙම කෙටි ලැයිස්තුවේ සිටින බවද කියැවේ.
පසුගිය ජුනි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම් සංචාරය අවසන් කර නැවත දිවයිනට පැමීණමට චන්දික හතුරුසිංහ මහතා ප්‍රමාද වුයේ, මෙම කොදෙව් පුහුණුකාර ධුරය සඳහා අයැදුම් කිරිමේ සම්බන්ධ කටයුතු වලට වන බවද එම ක්‍රීඩා මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියයි.