FAST NEWS

24×7 Around the Globe

කුසල්-චන්දිමාල්-අකිල නවසීලන්ත යෑම නොයෑම ගැන ක්‍රිකට් ආයතනය කියයි..

ශාරීරික ආබාධයන්ට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ (ටෙස්ට්/එක්දින) නායක දිනේෂ් චන්දිමාල් හා කුසල් ජනිත් පෙරේරා එළැඹෙන නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා පූර්ණ සුවය ලබා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එංගලන්තය සමග පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දඹුල්ලේදී පැවැති දෙවැනි තරගය අතරතුරදී කුසල් ජනිත් අබාධයටක ලක් විම නිසා ඔහුට ඉතිරි තරග අහිමී විය.
එංගලන්තය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී ඉකිළිය ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට මේ හේතුවෙන් එංගලන්තය සමඟින් පැවැති අනෙක් ටෙස්ට් තරග දෙකම අහිමි වූ නමුත් මේ වන විට ඔහුද සම්පූර්ණ සුවය ලබමින් පවතින බවද පැවසේ.
එසේම පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී අයි.සී.සී. පරීක්‍ෂණයකට භාජන වූ අකිල ධනංජයගේ පරික්ෂණ වාර්තාව 14 කින් ලැබෙන හෙයින් එය දෙසැම්බර් 07 ට පෙර ලැබෙන බවද පැවසේ.
කෙසේ වෙතත් එම පරික්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔහු නවසීලන්ත සංචාරයට එක් කර ගැනිම පිළිබඳව ස්ථිර තීරණයකට එළඹිමට නොහැකි බවද ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් කියයි.
ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත සංචාරය සඳහා ලබන 04 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමීත අතර දෙරට අතර පළමු ටෙස්ට් තරගය 15 වැනිදා ආරම්භ විමට නියමීතය.