FAST NEWS

24×7 Around the Globe

ටෙස්ට් පරාජයත් සමග එංගලන්ත – ශ්‍රීලංකා වර්ගීකරණ ඉහළ පහල යෑම මෙන්න..

ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කිරිමත් සමඟ අයි.සි.සි. ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්ල දෙවන ස්ථානයට පැමිණීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.
මෙම තත්වය මත මෙතෙක් ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයේ රැදි සිටි එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණූ 108 ක් ලබා දෙවන ස්ථානයට පැමිණ තිබේ.
ඒ අනුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සය වැනි ස්ථානයේ රැදි සිටි ශ්‍රි ලංකා කණ්ඩායම හත් වන ස්ථානය දක්වා පහත වැටි තිබේ.
තරගාවලියට පෙර ප්‍රසාද ලකුණූ 101 ක් හිමීකරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩාමේ ප්‍රසාද ලකුණූ සංඛ්‍යාව ලකුණූ 97 ක් දක්වා ලකුණූ 04 කින් පහත වැටි තිබේ.
මේ අනුව අයි.සි.සි. ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්ව සත්වැනි ස්ථානයේ සිටි පාකිස්ථාන කණ්ඩායම නිරායාසයෙන් සයවැනි ස්ථානයට පත්ව තිබේ.