FAST NEWS

24×7 Around the Globe

ඇමති මහින්ද රාජසන්තක ඩොලර් 53455ක් මුදා හැරිමේ ඇත්ත නැත්ත රේගුව කියයි..

රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදි රාජසන්තක කළ ඩොලර් 53455ක මුදලක් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදාහැර ඇති බවට පැවසෙන ලිපියක් මෙ වන විට සංසරණය වෙමින් පවතියි.
කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් සිදු කර ඇත්තේ රේගු පනතේ ප්‍රතිපාදන අනුව බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.
රේගු පනතේ 164 වැනි වගන්තිය අනුව ඕනෑම කෙනෙකුට රාජසන්තක කිරීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරිමට බලයක් ඇති බවත් මේ අනුව අදාළ පුද්ගලයා මුදල් අමාත්‍යවරයාට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවද සුනිල් ජයරත්න මහතා කියයි.
සිය භාණ්ඩ රාජසන්ත කිරීමට එරෙහිව මුදල් අමාත්‍යරයාට අභියාචනා ඉදිරිපත් කිරිමට අමතරව අවශ්‍යනම් අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යොමුවිය හැකි බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.
එම ලිපිය පහතින්..