FAST NEWS

24×7 Around the Globe

මුරලිදරන් වෙනුවෙන් විශේෂ සමරුවක් පිළිගැන්වෙයි..

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ එක් ක්‍රීඩාංගණයක් තුළ වැඩිම කඩුළු සංඛ්‍යාවක් (166) දවා ගැනිමේ වාර්තාවට හිමීකම් කියන ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් වු විශේෂ සමරු පලකයක් විවෘත කිරිම අද (26) සිදු විය.
එ අනුව ඔහු එම දක්ෂතාවය දැක්වු එස්.සී.සී ක්‍රීඩාංගණයේදි එම සමරු පලකය විවෘත කෙරුණූ අතර එහි අනුරූ පලකයක් මුත්තයියා මුරලිදරන් වෙත භාර දීමද මෙහිදි සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාද එක්ව සිටියේය.