FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය බුද්ධි ඒකකය සනත් හා තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් කැඳවයි

නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට එවීම සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකුට දෙසැම්බර් 23 දා මුම්බායිහි ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය හමුවේ පෙනී සිටින ලෙස එම ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් නියෝග කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දීය රුපියල් කෝටි ගණනක්‌ වටිනා මෙම පුවක්‌ තොගය නැන්පූර්හිදී අසුවී ඇති බවද එම වාර්තා කියයි.
මේ සිද්ධිය ඉන්දීය බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයට දන්වා ඇති බවත්, ශ්‍රී ලංකා රජයෙන් ලබාගත් බලපත්‍ර මත එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පුවක්‌ අපනයනයේ යෙදී ඇති බවද කියැවේ.
ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ව්‍යාජ සමාගම් මඟින් පුවක්‌ තොග ඉන්දියාවට හොර රහසේ අපනයනය කරන බව ඉන්දීය ආදායම් බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දිලිප් සිවාරේ ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට අපනයනය කරන පුවක්‌ සඳහා සියයට 108 ක බද්දක්‌ අය කෙරේ.
මේ අතර ඉන්දීය මාධ්‍ය දක්‌වන්නේ එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කර ව්‍යාජ සමාගම් ස්‌ථාපිත කර ඇති බවකි.