FAST NEWS

24×7 Around the Globe

Esoft Metro Campus නව සන්නාම තානාපතිනිය ප්‍රවීන සිනමා නිළි පූජා උමාශංකර්…

සිසු සිසුවියන් රැසකට නැණස පාදන ප්‍රධාන පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන Esoft Metro Campus ආයතනයේ සන්නාම තානාපතිනිය ලෙස ප‍්‍රවීන සිනමා නිළි පූජා උමාශංකර් මහත්මිය පත්කර ඇත.
තොරතුරු තාක්‍ෂණය, ව්‍යාපාර, සත්කාරක සේවා, ඉංජිනේරු, භාෂා පුහුණු හා පුද්ගල සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍රවල සහතික පත‍්‍ර මට්ටමේ සිට පශ්චාත් උපාධි මට්ටම දක්වා පාඨමාලාවන් රැසක් Esoft Metro Campus විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට පිරිනමනු ලබයි.
මෙම ආයතනයේ ශාඛා දිවයින පුරා දැනට 42 ක් පමණ විසිරී පවතියි.
එහි කළමනාකාර අධ්‍යක්‍ෂ දයාන් රාජපක්‍ෂ මහතා නව සන්නාම තානාපතිවරිය පත් කිරීමෙන් පසු අදහස් දක්වමින් සදහන් කර සිටියේ
පූජා උමාශංකර් මහත්මිය Esoft පවුල හා එක්වීම සතුටට කරුණක් බවත් විශ්වාසනීය හා ගුණාත්මක අධ්‍යාපනයක ඇති වැදගත්කම පිළිබඳව ඇය ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව වෙත ගෙන යනු ඇතැයි බලාපාරොත්තු වන බවත්ය.