FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ණය ආධාර අත්හිටුවයි….

ලංකාව තුළ හටගෙන ඇති වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මෙම පුවත සනාථ කරමින් එම අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් The Sunday Morning පුවත්පත වෙත
මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම 2016 වසරේ ජූනි මාසයේ දී අනුමත වූ අතර ඩොලර් බිලියන 1.5 ක ණය ආධාර ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.