FAST NEWS

24×7 Around the Globe

ලෝකයටම බලපෑම් කළ හැකි කාන්තාවන්ගේ ලැයිස්තුවට ලංකාවේ ආශා නම් කරයි…

ලෝකය පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකාවක් වන ආශා ඩි වෝස් නම් වී තිබේ.
මෙම ලැයිස්තුව බී.බී.සී. පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන වාර්තාවක් වන අතර ඇය කාන්තාවන් 100 ක් අතරින් 23 වැනි ස්ථානයට පත්ව තිබේ.
ආශා සාගර විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරයි.