FAST NEWS

24×7 Around the Globe

“කූඹියෝ” ලියූ දමිත චන්ද්‍රසිරි දින කීපයක සිට ආ ගිය අතක් නැහැ…

පසුගිය දිනවල ලංකාවේ අතිශය ජනප්‍රිය කතා මාලාවක් වූ “කූඹියෝ” ටෙලි නාට්‍යයේ සංස්කාරක සහ තිර රචක දමිත චන්ද්‍රසිරි මහතා දින කිහිපයක සිට අතුරුදන් වී ඇති බව ඔහුගේ මිතුරකු වැලිකඩ පොලිසියට ඉකුත් මස 29 වැනිදා පැමිණිල්ලක් සිදුකර ඇත.
41 වන වියේ පසුවන දමිත චන්ද්‍රසිරි මහතා වසර 07 කට ආසන්න කාලයක් නතරවී සිට ඇත්තේ රාජගිරිය, නාවල, පාසල් පටුමඟ ප්‍රදේශයේ කුලී නිවෙසකය.
පැමිණිල්ල සිදුකළ මිතුරාද ඔහු සමග එම කුලී නිවසේ පදිංචිව ඇත.
දමිත චන්ද්‍රසිරි පසුගිය 24 වැනිදා නතර වී එම නිවෙසින් පිටත්ව ගිය බවද ඔහුගේ මිතුරා පැමිණිල්ලෙහි සඳහන් කර ඇති බව පොලිසිය සදහන් කරයි.
තමා ගැන ආරංචියක් නොමැති වුවහොත් තමාව සොයමින් කරදර නොවන ලෙසටද ඔහු සිය මිතුරාට දන්වා ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.