FAST NEWS

24×7 Around the Globe

ජනපතිට දිවුරුම් ප්‍රකාශ ලබාදීමට සූදානම් වෙයි…

මන්ත්‍රීවරු බහුතරයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිවුරුම් ප්‍රකාශ ලබාදීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු දැක්වූ වැඩිදුර අදහස්…..
      “ අද ආවෙත් මහින්ද රජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුවට 85 දෙනයි. අපිට 122 ක් තිබෙනවා. පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ නැති ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයක් දෙයිද.
ඔක්තෝබර් 25 වනදා තිබුණ මුදල් පනතත් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළා. අපි අයවැය ගෙනාවා අතුරු සම්මත ගිණුම් ගෙනවා. විශ්වාසභංගත් ගෙනාවා ඒ කිසිවක් පරාජය වුණේ නෑ. 26 වෙනිදා අපි දැක්කා රාජ්‍ය ආයතනවලට වුණ දේ දැක්කා. අපි මැතිවරණවලට බය නෑ. ඒ මැතිවරණය යුක්ති සහගත ක්‍රියාවලියක් යටතේ සිදුවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තුවේදී ඉඩ දිය යුතුයි.
අපි ජනපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා රට අනාථ කරන්නේ නැතිව වහාම බහුතර මතය පිළිගන්න. අපි එතුමාට දිවුරුම් ප්‍රකාශ භාරදෙන්න කටයුතු කරනවා. ඒ අනුව එතුමාට කටයුතු කරන්න වෙනවා.
ස්ථාවර නියෝග අවසන් කර කටයුතු කරන්න පුළුවන්. දිනේෂ් ගුණවර්ධන සභා නායක හෝ ඇමති කෙනෙක් නෙමෙයි. ඇමති මණ්ඩලයත්,මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිධූරයත් අහෝසියි. ”