FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරයට / ශ්‍රී ලංකාව තවත් 146 ක් පසු පසින්..

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ළේකැලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවි ලකුණු 139 ක් රැස්කරගෙන සිටියේය.
කාසියේ වාසිය දිනා ගනිමීන් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 285 ක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව කඩුලු 06 ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 146 ක් පසුපසින් සිටියි.
නොදැවි පන්දුවට පහරදෙමීන් සිටි ධනංජය ද සිල්වා ලකුණු 57 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 02 ලබා සිටියහ
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේදි ජැක් ලිච් කඩුළු 02 ක් දවා ගැනිමට සමත් වුයේය.
අද (15) තරගයේ දෙවැනි දිනයයි.