FAST NEWS

24×7 Around the Globe

දේශපාලන අර්බුද හමුවේ අමාත්‍යංශවල ආරක්ෂාවට STF යොදවයි…

මේ වන විට රට තුළ උද්ගතවී ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් අමාත්‍යංශවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ජනාධිපතිවරයා නියෝගකර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
එක්සත් ජාතික පෙරමුණේ හිටපු ඇමතිවරුන් අද (15) සිය අමාත්‍යංශවලට පැමිණීමට නියමිත බවට බුද්ධි සේවා වලින් රහස් තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙයි.
ඒ රහස් වාර්තා පදනම් කර ගනිමින් ජනාධිපතිවරයා විසින් එම පියවර ගැනීමට කටයුතු කර ඇත.