FAST NEWS

24×7 Around the Globe

නව ග්‍රහලෝකයන් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත්වෙයි…

සූර්යයාට ආසන්නයෙන්ම පිහිටි බර්නාඩ් නැමති තාරකාවක් වටා භ‍්‍රමණය වන සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි තවත් ග්‍රහලෝකයක් තාරකා විද්‍යාඥයින් පිරිසක් සොයාගැනීමට සමත්වී ඇත.
අලුතින් සොයාගනු ලැබූ මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ බර්නාඩ් ස්ටාර් බී ලෙසයි.
මෙය 2012 වසරේදී තාරකාවක් ලෙස හඳුනාගෙන තිබුණත් වර්තමානය වනවිට එය ග්‍රහලෝකයක් බවට තාරකා විද්‍යාඥයින් නිශ්චිතම තහවුරු කර තිබේ.
මෙම ග්‍රහලෝකය පෘථිවිය මෙන්ම තුන්ගුණයකට වැඩි විශාලත්වයකින් යුක්ත වන බවත් එම විද්‍යාඥයින් පිරිස විසින් සොයාගෙන ඇත.