FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව තවත් 259 ක් පසු පසින්..

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (14) දිනයේ පල්ළේකැලේ ක්‍රීඩාංගණයේදි ආරම්භ වු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 26 ක් රැස්කරගෙන සිටියේය.
කාසියේ වාසිය දිනා ගනිමීන් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 285 ක් වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව කඩුලු 09 ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 259ක් පසුපසින් සිටියි.
දිනය නිමා වන විට දිමුත් කරුණාරත්න නොදැවි ලකුණූ 19 ක් හා මලින්ද පුෂ්පකුමාර නොදැවී ලකුණූ 01 ලබා පිටියේ රැඳී සිටියහ.
අද (15) තරගයේ දෙවැනි දිනයයි.