ජනපතිට ඇමරිකාවෙන් අනතුරු අඟවා සංදේශයක් එවයි….

ජනපතිට ඇමරිකාවෙන් අනතුරු අඟවා සංදේශයක් එවයි….

ඇමරිකානු ඩිමෝක‍්‍රටික් පාක්ෂික කොංග‍්‍රස් සභිකයන් තිදෙනකු විසින් ජනාධිපති මෛත්‍රී‍පාල සිරිසේන මහතා වෙත සංදේශයක් එවමින් අනතුරු අඟවා ඇත.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක යාන්ත‍්‍රණය නිවැරදි මඟට යොමු නොකළහොත් බරපතළ ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව අදාළ සංදේශයෙන් සදහන් කර තබේ.
එහි තවදුරටත් දක්‌වා ඇත්තේ ජනාධිපතිගේ ක්‍රියාදාමයන් නිවැරදි පිළිවෙතකට යොමු කළ යුතු බවත් එසේ නොකළහොත් ඇමරිකානු විදේශ ආධාර සහ වෙනත් වැඩසටහන්වලට බාධා ඇති වන බවත්ය.
යුධ සමයේද ශ්‍රී ලංකා හමුදාව කොටි සංවිධානයට එරෙහිව වන්නි මෙහෙයුම දියත් කළ විට ශ්‍රී ලංකාවට හමුදා ආධාර ලබාදීම අත්හිටුවන ලද්දේ ද මෙම කොංග්‍රස්‌ කමිටුව විසින් බව වාර්තා වෙයි.