FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර ගැටුම් යළි ඇවිලෙයි…

ඊශ්‍රායල කමාන්ඩෝ බලඇණියක් ගාසා තීරයට ඇතුලු වී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර ගැටුම් යළි ඇවිලී තිබෙන අතර පලස්තීන හමාස් සන්නද්ධ නායකයෙකු ඇතුළු 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඊශ්‍රායල සෙබලෙකු ද මෙහෙයුමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් පසු ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලය වෙත රොකට් සහ මෝටාර් වෙඩි එල්ල කර ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල හමුදාව හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් බලකොටු වෙත ප්‍රහාර 70 කට වැඩි සංඛ්‍යාවක් එල්ලකර ඇත.
එම ප්‍රහාරවලින් පලස්තීනුවන් 03 දෙනෙකු මිය ගොස් ඇති අතර ඊශ්‍රායලය වෙත එල්ල කළ රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායල ජාතිකයන් දස දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.