FAST NEWS

24×7 Around the Globe

තමා ඉවත් වු හේතුව චරිත් මාධ්‍යයට හෙළි කරයි..

තමන් කණ්ඩායමෙන් ඉවත් වීමෙන් කණ්ඩායමට හොඳක් සිදු වේ නම් එය තමන් විසින් සිදු කිරිමට කැමැත්තෙන් සිටින බව, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමීන් මාධ්‍ය වෙත සඳහන් කළේය.
තමන් කණ්ඩායාමේ සිටිමෙන් ක්‍රීඩකයන්ට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හානියක් වන බවට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකර වන චන්දික හතුරුසිංහ මහතා විසින් ප්‍රකාශයක් කර ඇති බව පවසමින් එංගලන්තය සහ ශ්‍රී ලංකා තරගාවලිය අතරතුර තමන්ව එම තරගාවලියෙන් ඉවත් කළ බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන් චන්දික හතුරුසිංහ මහතාගෙන් විමසු විට ඔහු එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව පැවසු බව චරිත් සේනානායක මහතා වැඩි දුරටත් පැවසීය.