FAST NEWS

24×7 Around the Globe

ඉබෝලා වෛරසයෙන් කොංගෝහි 200 ක් මරුට…

ඉබෝලා වෛරසය හේතුවෙන් කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 200 ක් පමණ මේ වන විට මියගොස් ඇති අතර මෙම වෛරසය කොංගෝහි උතුරු කිව් ප්‍රදේශයේ බහුලව පැතිරගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉබෝලා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා එන්නත් ක්‍රමයක් හදුන්වාදී ඇති අතර මේ වන විට පුද්ගලයින් 25,000 කට පමණ එම එන්නත ලබාදීමට ද කටයුතු කර ඇත.
විදෙස් මාධ්‍යය වාර්තා කළේ මෙම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලට කැරලිකරුවන්ගෙන් බාධා එල්ල වී ඇති බවයි.
1976 වසරේ මුලින්ම මෙහි වෛරස් රෝගය සොයාගැනුනු අතර, 2014 වසරේ සියරාලියොන්, ලයිබීරියාව, නයිජීරියාව ඇතුලු රටවල් රැසක ඉබෝලා වසංගතය පැතිරී ගියේය.