FAST NEWS

24×7 Around the Globe

ජනපති සමග ඉදිරියටත් කටයුතු කරන්න සූදානම්…….රනිල් වික්‍රමසිංහ

වත්මන් තත්ත්වය හමුවේ තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
“මට ඔහුත් සමග වැඩ කිරීමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්‍රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ.”
“ ඔවුන් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් පෙනෙන්නේ ඔවුන්ට අංක නැත බවයි. ප්‍රමාද කිරීම ගැන මම කනගාටුවෙනවා මොකද මේ හරහා රට අස්ථාවර වෙනවා. ”