FAST NEWS

24×7 Around the Globe

මේ ක්‍රමයට මම කැමති නෑ. ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක…..කුමාර වෙල්ගම

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පත්කිරීම ව්‍යවස්ථානුකූලව සිදුකිරීමට තිබුණ බවත් වත්මන් ආණ්ඩු පාර්ශවය සමග කටයුතු කිරීමට තමන් අකමැති බැවින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.
ජනාධිපතිතුමාගේ පාර්ශව හා අගමැති මහින්ද රාජක්ෂ මහතාගේ පාර්ශ්වය ඒක්වීමට සාකච්ඡා කරන අවස්ථාවේදීම තමන් මේ බව පැවැසූ බවත් ඔවුන් සමග එක්ව වැඩ කිරීමට අකමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා..,
” මම මාධ්‍යයට කතා නොකර ඉන්න හිටියේ නමුත් තිබෙන තත්ත්වය අනුව දැන් කතා කළ යුතුයි කියා හිතුවා. දැන් අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අගමැති කාර්යාලයේ අනිත් කෙනා අරලියහග මන්දිරියේ. හරි අගමැති කවුද කියලා මිනිස්සු දන්නේ නැතිව අන්දමන්ද වෙලා ඉන්නේ. මම සතුටුවෙනවා මහින්ද මහත්තයා පත්කළ එකට. නමුත් මීට වැඩිය හොඳ විදිහට අපිට මේක විසඳගන්න තිබණා.
අපට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ අනුවනේ අපි කටයුතු කරන්න ඕන. මහින්ද මහත්තයට 113 ක් තයෙනවා කියලා පෙන්නුවානම් ඉවරයිනේ. රට දුවන්නේ ව්‍යවස්ථාවට අනුවනේ.
මේ ක්‍රමයට මම කැමති නෑ. මහින්ද මහත්තයට 113 පෙන්නන්න අවශ්‍ය ඡන්දය මම දෙනවා. නමුත් මේ ආණ්ඩුවේ රෙද්දක් ඇදගෙන වාඩිවෙන්න මට බෑ.මේ කණ්ඩායමත් සමග ඇමතිකම් ගන්න බෑ. ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක”