තමන්ගේ පක්ෂයේ නායකයෙක් සිටියදී තනතුරු තාන්න මාන්න ලබාගැනීම තමන්ගේ අරමුණ නොවුණ බවත්, තමන්ගේ අරමුණ වූයේ නායකයන් දෙපළ අතර සංහිදියාව ශක්තිමත් කරමින් ජනතාව බලාපොරොත්තු වුණ සංවර්ධනය ක්‍රියාත්මක කිරීම බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටී.
ඔහු මේ බව සදහන්කර සිටියේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
එහිදී ඔහු පළකර සිටි වැඩිදුර අදහස්…..,
“ජනපතිතුමාගෙන් ආරාධනාවක් ලැබුණා. බලයට පත්වුණේ සම්මුතියක් තුළින්. යහපාලනය ක්‍රියාත්මක කරන්නේ. 365 දවසම මගේ අරමුණ වුණේ අගමැතිතුමත් ජනපතිතුමත් එකට එකතු කරගෙන ඉදිරියට යෑමයි.අර්බුදයක් ඇතිවුණාම මගේ අරමුණ වුණේ අරමුණ මුල්කරගෙන පුද්ගලික වාසි ලබාගන්න නෙමෙයි. ප්‍රතිපත්තිගරුක වීම ඉතාමත් වැදගත් වෙනවා. අපට ආචාර ධර්ම පද්ධතියක් තියෙන්න ඕන.
අභියෝග භාර ගැනීමට මම කවදාවත් භය වුණෙත් නෑ භය වෙන්නෙත් නෑ. හැම කටයුත්තකදීම ප්‍රතිපත්තිගරුක වෙන්න. මම පමණක් නොවෙයි කරු ජයසූරිය මහතාත් ප්‍රශත්ත ලෙස හැසිරුණා. මම දරපු ස්ථාවරත්වය නිවැරදියි. දැඩි උත්සාහයක් දැරුවා නිවැරදි ක්‍රමවේදයකට ඉදිරියට යන්න.”
ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා නව ආණ්ඩුවක් ස්ථාපනය කරලා මුළු මහත් දේශයම අකර්මණ්‍ය කරලා තිබෙනවා. ජපානය ඇමෙරිකානු රටවල් අපට ලබාදෙන්න තිබුණ ආධාර ශක්තීන් නවත්වා තිබෙනවා. මේ ප්‍රශ්ණය විසඳන්න සාධාරණ ක්‍රමය පාර්ලිමේන්තුව තුළ මේ ප්‍රශ්ණය විසඳා ගැනීමයි.
පාර්ලිමේන්තුව කැඳවන්න උනන්දුවක් තියෙන කණ්ඩායමට බහුතරය තිබෙනවා. කැඳවන්නේ නැති අයට බහුතරය නෑ. දේශපාලනයේ සිටින අපි තාවකාලික භාරකරුවන්.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.