FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – මැතිව්ස් ඉනිම ශක්තිමත් කරයි.. (update)

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි ඊයේ (06) ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ තේ පානයට තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් දැවි ලකුණු 136 ක් ලබා සිටියි.
ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණූ 342 ක වඩා ශ්‍රී ලංකාව කඩුළු 05 අතැතිව තවත් ලකුණු 206 ක් පසු පසින් සිටියි.
නොදැවි පන්දුවට පහරදෙමීන් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණූ 52 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණූ 11 ක් ලබා සිටියහ.
ලකුණූ පුවරුව.

දෙවැනි දිනයේ දිවා අහාරයට – ශ්‍රී ලංකා පිතිකරුවෝ එංගලන්ත පන්දු යවන්නන් හමුවේ අසරණ වෙති.. (update)

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි ඊයේ (06) ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරයට තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවි ලකුණු 42 ක් ලබා සිටියි.
ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණූ 342 ක වඩා ශ්‍රී ලංකාව කඩුළු 06 අතැතිව තවත් ලකුණු 300 ක් පසු පසින් සිටියි.
නොදැවි පන්දුවට පහරදෙමීන් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණූ 01 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණූ 03 ක් ලබා සිටියහ.
ලකුණූ පුවරුව.