FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාත් සභාවෙන් දියවන්නා තරණය කල මන්ත්‍රීවරු 13 මෙන්න.

බස්‌නාහිර පළාත් සභාව නියෝජනය කළ අපේක්‍ෂකයන් 13 දෙනකු මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ජය ලබමින් පාර්ලිමේන්තු වරම් හිමිකර ගෙන ඇත.

ඔවුන් අතර කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කළ උදය ගම්මන්පිල, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ද, එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් එස්‌. එම්. මරික්‌කාර්, මුජුබර් රහුමාන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කළ මනෝ ගනේෂන් යන මහත්වරුන් තේරී පත්ව ඇත.

ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා, සිසිර ජයකොඩි යන මහත්වරුන්ද, එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් හර්ෂණ රාජකරුණා, හේෂාන් කාවින්ද ජයවර්ධන, එඩ්වඩ් ගුණසේකර යන මහත්වරු තේරී පත්ව සිටිති.

කළුතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පියල් නිශාන්ත සහ ජනතා විමුක්‌ති පෙරමුණ නියෝජනය කරමින් වෛද්‍ය නලින්ද ජයතිස්‌ස යන මහත්වරු ද ඒ අතර වෙති.

මෙම පිරිස පාර්ලිමේන්තුවට පත්වූ බවට ගැසට්‌ කිරීමෙන් පසු පළාත් සභා අපේක්‍ෂක පුරප්පාඩු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් පක්‍ෂ ලේකම්වරුන් වෙත පුරප්පාඩු පුරවා එවන ලෙස දැනුම්දෙනු ලබයි. පුරප්පාඩු පිරවීමට කුමන අය පත් කළ යුතුද යන්න පක්‍ෂ ලේකම්වරයා සහ පක්‍ෂ නායකත්වයේ අභිමතය අනුව සිදුකළ හැකි අතර මේ සඳහා ලැයිස්‌තුවට පිටින් කිසිවෙක්‌ පත් කළ නොහැක.