FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරයට – ඉන්දීයා පිළ 6/386 යි.

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී සාරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවත්වෙන දෙවන ටේස්ට් ක්‍රීකට් තරඟයේ දෙවන දිනය අදයි.

දිවා අහාරයට තරඟය අත්හිටුනව විට සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙමීන් සිටින ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු  386ක් ලබා ගෙන සිටියි.

ලකුණු පුවරුව පහතින්…

a

 

———————————————-(update) 2015/08/21   12.00 pm

ඉන්දියා ඉනිම ස්ථාවර වෙයි – ලකුණු 319/6 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම පළමු දිනට (20දා) තරගය නතරකරන විට පන්දුවාර 87.2 අවසානයේ ලකුණු 319/6 රැස්කරගෙන සිටියේය.

මුරලි විජේ සමගින් ලෝකේෂ් රාහුල් ඉන්දීය ඉනිම ආරම්භ කළේය. ආබාධයකට ලක්වූ ශිකර් දවාන් වෙනුවට කණ්ඩායමට කැඳවූ විජේ ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට දිනයේ පළමු පන්දුවාරය යොමු කළ ධම්මික ප්‍රසාද් සමත්විය. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඔහු ලකුණු නොලබා දැවී ගිය සිවුවැනි අවස්ථාව මෙය වේ.

විජේගෙන් පසු අංක තුන පිතිකරු ලෙස පැමිණි අජින්ක්‍යො රාහානේද තරගයේ සිවුවැනි පන්දුවාරයේදී දවා ගැනීමට ධම්මික ප්‍රසාද් සමත්විය.

නමුත් තෙවැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි නායක විරාට් කෝලි, රාහුල් සමගින් එක්ව ලකුණු 164ක් සබඳතාවක් ගොඩ නගා ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය. ලකුණු 78 ක් රැස්කරගෙන සිටි කෝලි හේරත්ගේ පන්දුවක් හමුවේ මැතිව්ස් වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය. එවිට ඉන්දීය ඉනිම කඩුලු තුනකට ලකුණු 176 ලෙස සටහන් විය. කෝලි ඊයේ රැස්කළේ සිය 11 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 108 ක් රැස්කරගෙන සිටි ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් මුලු ලකුණු සංඛ්‍යාව 231දී දැවී ගියේය. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින දිනේෂ් චන්දිමාල් වෙත උඩපන්දුවක් ලබාදී ඔහු දැවී පිටියෙන් ඉවත්විය. තවමත් ටෙස්ට් තරග හතරකට පමණක් ක්‍රීඩාකර ඇති 23 හැවිරිදි රාහුල් රැස්කළ දෙවැනි ටෙස්ට් ශතකය මෙය වේ. ඔහු දැවී යන විට රෝහිත් ශර්මා සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 55 ක සබඳතාවක් ගොඩනගා තිබුණි.

කෙසේ වෙතත් දිනය නිමා වනවිට රෝහිත් ශර්මා ඉන්දීය ඉනිම ලකුණු 319ක් දක්වා ගෙන ඒමට සමත්වූයේ ස්ටුවර්ට් බිනී හා රිද්දිමාන් සහා හා එක්ව කෙටි සබඳතා ගොඩනගමිනි. දිනය අවසන් වන විට ලකුණු 79 ක් රැස්කරගෙන සිටි රෝහිත් ශර්මා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවූ අතර, ඒ පළමු තරගයට ක්‍රීඩාකළ නුවන් ප්‍රදීප් වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා තිබීමයි. ඊට අමතරව ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුට ස්ථාන අහිමිවී තිබුණි. ශිකර් දවාන් (ආබාධ), හර්බජාං සිං හා වරුන් අරොන් මෙලෙස සිය ස්ථාන අහිමිවූවන් වන අතර, ඒ වෙනුවට ස්ටුවර්ට් බිනී, උමේෂ් යාදව් හා මුරලි විජේ කැඳවා තිබුණි.

අද තරගයේ දෙවන දිනයයි.

ඉන්දියාව පළමු ඉනිම 319/6 (පන්දුවාර 87.2 )

මුරලි විජේ 0 (පන්දු 4), ලෝකේෂ් රාහුල් 108 (පන්දු 190, 4×13, 6×1), අජින්ක්‍යො රහානේ 04 (පන්දු 11, 4×1), විරාට් කෝලි 78 (පන්දු107, 4×8, 6×1), රෝහිත් ශර්මා 79 (පන්දු132, 4×5, 6×3), ස්ටුවර්ට් බිනී 10 (පන්දු40) , රිද්දිමන් සහා 19* (පන්දු 43, 4×3 )

ශ්‍රී ලංකාව පන්දු යැවීම

ධම්මික ප්‍රසාද් 72/2(පන්දුවාර 20), ඇන්ජලෝ මැතිව්ස් 17/1 (පන්දුවාර 10.2), දුෂ්මන්ත චමීර 59/1 (පන්දුවාර 13), රංගන හේරත් 73/2(පන්දුවාර 23 )