සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි අද (06) ආරම්භ වු පළමු ටෙස්ට් තරගය පළමු දිනයේ තේ පානයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 06 ක් දැවි ලකුණු 199 ක් රැස් කරගෙන සිටියි.
නොදැවි පන්දුවට පහර දෙමින් සිටි බෙන් ෆොකීස් ලකුණූ 49 ක් ක් සහ සෑම් කරන් ලකුණූ14 ලබා සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් හා දිල්රුවන් පෙරේරා කඩුළු 03 ක් හා සුරංග ලක්මාල් කඩුළු 02 ක් බිඳ දමා සිටිති.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදිමට තීරණය කළේය.
ලකුණූ පුවරුව..

දිවා අහාරයට – එංගලන්තය ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හමුවේ අසරණ වෙති.. (update)
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි අද (06) ආරම්භ වු පළමු ටෙස්ට් තරගය පළමු දිනයේ දිවා අහාරයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 05 ක් දැවි ලකුණු 113 ක් රැස් කරගෙන සිටියි.
නොදැවි පන්දුවට පහර දෙමින් සිටි ජොස් බට්ලර් ලකුණූ 10 ක් සහ බෙන් ෆොකීස් ලකුණූ 05 ක් ලබා සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් හා දිල්රුවන් පෙරේරා කඩුළු 02 ක බැගින් බිඳ හෙළිමට සමත් වුහ.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදිමට තීරණය කළේය.









